වෙනිසියුලාවට අත නොතබනු! ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව ජවිපෙ පෙරටම…

August 28, 2019 at 10:03 am | by emanisa.lk

වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව “වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!” ලොව පුරා පවත්වනු ලබන විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අද (27) පස්වරු 3.00ට මරදාන සමාජීය හා සමයීක කේන්ද්‍රයේදී (CSR) පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලිනා විසින් මෙහි දේශන පැවැත්වූහ.

එම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ, පානදුර නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස