වෙඩි තියලා නැත්නම් වස ටිකක් දීලා මං මරලා දායි! ඒ නිසා අපි දිහා බලා නොඉඳ ජනතාව රටේ ප්‍රශ්න අතට ගන්න!- ඇල්ලේ ගුණවංශ හිමි (video)

May 22, 2019 at 10:56 am | by admin

රටේ ජනතාව තමන් දෙසම බලා නොසිට SOFA ගිවිසුම මගින් රට ඇමරිකානු කොලනියක් කිරීමේ අවධානම ප්‍රශ්නය ජනතාව අතට ගත යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

මෙම ගිවිසුම මගින් වසර 200ක් සඳහා ශ්‍රී ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් ඇමරිකාවට බදු දීමට සූදානම් වන බවත් මේ වන විට ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳ අවධානමක් ඇති නිසා ඉදිරි මාස 6 ඇතුළත ඔවුන් බලයට පත් කළ බේබිලා ලවාම ඉටු කර ගැනීමට සූදානම් වන බව ද ගුණවංශ හිමි පැවසීය.

මේ වන විට ආණ්ඩුව තමන් වහන්සේ වෙත විවිධ තර්ජන ගර්ජන කරන බවත් මානසික වද වේදනා දෙන බවත් ඕනෑම මොහොතක වෙඩිල්ලක් තබා හෝ වස ටිකක් දී මරා දමනු ඇති බව ද හෙළි කළේය.

කොච්චිකඩේ පල්ලියේ බෝම්බ පිපිරීමෙන් පැය දෙකක් ඇතුළත තමන් වහන්සේ එහි ගිය බවත් එහි වැටී තිබුණූ සූප්පුවක් ගැසූ කිරි බෝතලයක් සහ කුඩා සපත්තුවක් දැක ආපසු හැරුණු බවත් මව පියා නැති වූ අවස්ථාවේ පවා එවැනි දුකක් තමන්ට නොදැනුණු බවත් ගුණවංශ හිමි හැඟුම්බරව ප්‍රකාශ කළේය.

යුතුකම සංවාද කවය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ගුණවංශ හිමි මේ කරුණු හෙළිදරව් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස