වෘත්තීය සමිති ඇමති මංගල දණ ගස්වයි! අභීත නිලධාරිනිය නැවතත් රේගු අධ්‍යක්ෂ ධුරයට!

February 5, 2019 at 11:59 am | by admin

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ එම තනතුරෙන් අත්තනෝමතික ලෙස ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ.

ඒ, අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි. පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත විය. ඒ, සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පවසමිනි.

කෙසේ වුවද ඇමති මංගල සමරවීර මීට පෙර වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා තිබුණේ රේගු අධ්‍යක්ෂවරිය මාරු කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කළ බවත් ඊට විරුද්ධ වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස