වී වගාවට රසායනික පොහොර වල් නාශක කෘමි නාශක වහා දෙනු…! – බකමුණේ උපවාසයක්…

October 24, 2021 at 9:54 pm | by emanisa.lk

වී වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපදව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ.

ගොවි සංවිධාන 43කට අයත් ගොවි නියොජිතයන් 15 දෙනකු උපවාසයේ මුල් අවස්ථාවට එක්ව සිටිති.

ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙක් අපොහසත්වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාවගේ බලවත් අප‍්‍රසාදය පලකිරීම සඳහා මෙම උපවාසය ආරම්භකල බව ඔවුහු කියා සිටියහ.

ඉදිරියේදී තවත් ගොවීන් මෙම උපවාසයට එක්වීමට සූදානමින් සිටින බව අතර උපවාසයට සහය පළකිරීම සඳහා ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

මාස් කන්නයේ වී වගාව කිරීමට නම් රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක යෙදිය යුතුව ඇතැයි ද ඒවා වහාම ලබා දෙන්නයි රජයට බලකර සිටින බව උපවාසයට එක්ව සිටින ගොවීහු කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *