වී මෝල් වැටළීමෙන් ගොවියා කබලෙන් ළිපට වැටෙනවා…! – තිස්ස අත්තනායක…

September 10, 2021 at 1:54 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුව වී මෝල් වටලමින් ජනතාව වෙනුවෙන් සුවිශාල සේවයක් කරන බව ඇඟවීමට උත්සාහ කරන්නේ යැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

එහෙත් මෙය ජනතාව රැවටීමක් පමණක් බවත් සිදුවන්නේ වී මෝල් හිමියන්ගෙන් මුදලට වී ගැනීම පමණක් බවත් තිස්ස අත්තනායක පෙන්වා දෙයි.

වී මිල ඉහළ මට්ටමක පවත්වා ගෙන යන්නේ වී මෝල් හිමියන් බවත් වී මෝල් වැටලීම නිසා වී මිල පහත වැටීමේ අවදානමක් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එ් නිසා ගොවීන් අසරණ විය හැකි බවත් එහෙයින් මෙම කටයුතු සමබරව කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *