වී මිල ගැන චෝදනා කරන්නේ බොරු ගොවියෝ…! – වසන්ත සමරසිංහ….

February 11, 2025 at 9:32 am | by emanisa.lk

ගිය වසරට වඩා රුපියල් 15ක් වැඩියෙන් මුදලක් ලබාදෙමින් වී සඳහා හොඳම මිල වත්මන් රජය මඟින් ලබා දී ඇති බව වෙළෙඳ හා වාණිජ ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

“දේශපාලන වුවමනා වෙනුවෙන් ඇතැම් කණ්ඩායම් රජයේ සහතික මිල ප්‍රමාණවත් නොවන බව පැවසුව ද සැබෑ ගොවියන් වී මිල ගැන චෝදනා කරන්නේ නෑ. සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට දහයක්, පහළොවත් අතර ප්‍රමාණයක් රජය මඟින් මිලදී ගන්නවා. නාඩු සහල් කිලෝ එකක් රුපියල් 230ට අඩු මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.”

පොහොර මිල රුපියල් 7500කට ලබාදීමටත් පොහොර සඳහා ගොවීන්ට සහනාධාරයක් ලබාදීමටත් කටයුතු කරමින් වී කිලෝ එකක් සඳහා රුපියල් 120ට මිල තීරණය කළ බවත් කෘෂිකාර්මික උපකරණවල බදු අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ අනුව ව්‍යාපාරිකයාට නොව ගොවියාට සහන ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසීය.

අනුරාධපුර, වන්නිතම්මැන්නාව ගමේ ක්‍රියාත්මක කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති වසන්ත සමරසිංහ මේ බව පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *