වී මිලට ගන්න රජය පෙරමුණ ගනී…. මිල ලැයිස්තුව මෙන්න…!

July 2, 2025 at 4:25 pm | by emanisa.lk

යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ කර ඇති අතර හෙට (03) සිට ගොයම් කපන ප්‍රදේශවල රජයේ ගබඩා ඔස්සේ වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

පසුගියදා වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිත බව ද කීය.

ඒ සඳහා මේ වන විට රු. කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බවත් වියළි නාඩු වී කිලෝවක් රු 120කට, වියළි සම්බා වී කිලෝවක් රු 125කට හා වියළි කීරි සම්බා වී කිලෝවක් රු 132කට මිලදී ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රජයේ ගබඩාවලට තෙත් වී ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි. පසුගිය කන්නයේ දී රජය වී ටොන් 60කට ආසන්න වී තොගයක් මිලයට ගෙන තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *