වී ගබඩා කළ මත්තල ආදායම කෝටි 44යි….! හැසිර වූ යානා ගණන 10 206යි….! මගී පිරිස 73 000යි….!

April 7, 2021 at 3:39 pm | by emanisa.lk

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට ලබා ඇති ආදායම රුපියල් හතලිස් හතර කෝටි පණස් තුන් ලක්ෂ දහනව දහස් හයසිය පණස් හය ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (07) මේ බව ප්‍රකාශ කළේ ය.

එම ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට මේ දක්වා එහි පැමිණි ගුවන් යානා සංඛ්‍යාව 10206ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට ගුවන්තොටුපළට පැමිණි මඟීන් සංඛ්‍යාව 58651ක් බවත් ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති මඟීන් සංඛ්‍යාව 73513ක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *