වී අලෙවි මණ්ඩල යන්ත්‍රය ගලවා පරණ යකඩවලට විකුණලා…! කොළොන්නාවේ මන්ත්‍රී බානක් අත්අඩංගුවට…!

June 16, 2021 at 11:57 am | by emanisalk

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ චෝදනාව මත කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි සහ 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකුය.

ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවය.

අදාළ යන්ත්‍රය මිලදී ගත් සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *