වීසා නොමැති ලාංකිකයන් නිසා ලංකාවට දැඩි බලපෑම්! සිය ගණනින් ගුවන්තොටුපළට පැමිණෙයි!

May 29, 2020 at 11:38 pm | by emanisa.lk

වීසා නොමැතිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නා ලෙස ඇතැම් විදෙස් රටවල් බලපෑම් කරමින් ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘කුවේට් සහ ඩුබායි යන රටවලින් පැමිණි සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇල්ල තියෙන්නේ.
සමහර අවස්ථාවලදී අපේ රටට යම් බලපෑම් ආකාරයටම සමහර රටවල්වලින් වීසා නැතිව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගේන්න කියලා කියනවා.

සිය ගණන් රෝගීන් විදිහටයි ඔවුන් මේ ගුවන් තොටුපළට පැමිණෙන්නේ. මේ රෝගය ඇඟට පනින රෝගයක්.
ඒ නිසා ගුවන්තොටුපළේ සිටින හැම දෙනාගේම ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේ වගකීමක්’ යයිද ඇය එහිදී අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස