විස්සයි විස්සට ගැළපෙන නායකයෙක් එජාපයේ නෑ! සජිත් ප්‍රේමදාස තවම ඉන්නේ 1989!- සුදර්ශනී

September 23, 2019 at 2:47 pm | by emanisa.lk

2020 ජනාධිපති වීමට සුදුසු කිසිදු අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බවත් සජිත් ප්‍රේමදාස තවම සිටින්නේ 1989 බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය මේ අදහස් පළ කළේ කටාන පැවති ජන හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකින් කුමන ප්‍රකාශ සිදු කළද ගම්මට්ටමේ ජනතාව සිටින්නේ පොදු ජන පෙරමුණ සමඟ බව ද ඇය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයට මේ වන විට කිසිදු තීරණයක් ගත නොහැකි තත්ත්වයට ඇද වැටී ඇති බවත් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද විස්සයි විස්සේ යුගයට ගැළපෙන කිසිදු නායකයෙක් ඔවුන් සතුව නැති බවත් ඇය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස