විෂබීජහරණ ද්‍රව්‍ය ශරීරගතවීම නිසා වෙනත් රෝග වැළඳීමේ අවදානමක්!

May 8, 2020 at 10:23 am | by emanisa.lk

විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල් භාවිත කිරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද හානිදායක වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම විෂබීජහරණ කුටි ඉදි කරමින් විෂබීජහරණ ද්‍රව්‍ය ශරීරයට ස්පර්ශ වීම පෙණහලුවලට හානිදායක විය හැකි බව එම පණිවඩුයේ සඳහන් වෙයි. ශරීරයට විෂ බීජ නාශක ද්‍රව්‍ය ඉසීමෙන් විෂබීජ හරණයක් සිදු නොවන බවත් ඒ සඳහා ජනතාව ස්පර්ශ කරන පෘෂ්ඨවල විෂබීජහරණය කළ යුතු බව සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශය අවධාරණය කර ඇත.

රාජ්‍ය ආයතනවල විෂබීජහරණ කුටි ඉදි නොකරන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. ඒ අනුව විෂබීජහරණය සඳහා එතනෝල් මුදා හැරීම සීමා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි. විෂබීජහරණය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව එතනෝල් ලීටර ලක්ෂ 08ක් මේ වන විට මුදා හැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස