විශේෂ කාර්ය බලකා ප්‍රධානි ලතීෆ්ට කොරියාවෙන් කළු පටි සම්මානයක්!

March 27, 2019 at 7:48 am | by admin

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සම්මන සහතිකය හිමි වි ඇත.

ඒ ඊයේ (25) කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසිනි.

මෑත ඉතිහාසයේදී මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *