විශ්‍රාමික රාජ්‍ය සේවකයන් හය ලක්ෂයකට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ! අගමැති මහින්දගේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

July 23, 2020 at 8:59 am | by emanisa.lk

අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මෙතෙක් හිමි නොවුණු මෙරට හය ලක්ෂයක් පමණ වන විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

2016 ජනවාරි පළමුවැනි දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණක් මෙතෙක් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වූ අතර එය විශ්‍රාමිකයන්ගෙන් සියයට දහයක ප්‍රතිශතයකි. කෙසේ වෙතත් අදාළ දිනට පෙර විශ්‍රාම ගිය හයලක්ෂයක් පමණ දෙනාට අග්‍රහාර රක්ෂණයට දායක වීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී නොතිබි‍ණි. මේ හේතුවෙන් විශ්‍රාමිකයන්ට රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී තිබෙන බව ඊයේ (22) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා පෙන්වා දී තිබේ.

එම නිසා මෙම විෂමතාව ඉවත් කොට 2016 ජනවාරි පළමු වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ටද ප්‍රතිලාභ අත්වන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ පැවැති රැස්වීමේදී තීරණය කළේය. මෙම රක්ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලුම විශ්‍රාමිකයන්ට වඩා උසස් ජීවන මට්ටමක් භුක්ති විඳීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව රජයේ සේවකයන් සහ සියලු විශ්‍රාමිකයන්ට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබා ගත හැකි වන පරිදි විශේෂ වූ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස