විශ්වාසභංගේ විවාදයට ගන්න ඉඩ දෙන්නේ නෑ! රනිල් රිෂාඩ්ට පොරොන්දු වෙයි….

May 29, 2019 at 8:10 pm | by admin

ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්විය. ඒ ආණ්ඩුවේ සිටින කතෝලික මන්ත්‍රීවරුන් විශ්වාසභංගයේ දී කාදිනල්තුමාගේ මතය විමසා තීන්දුවක් ගන්නා බව සහ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රසිධියේ රිෂාඩ්ට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව ප්‍රකාශ කිරීමත් සමගය.

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඇමති රිෂාඩ් සතු මන්ත්‍රී ධුර 6 සඳහා කේවල් කිරීමේ බලයක් ලැබුණු අතර තමන්ට එරෙහිව ආණ්ඩුවේ පිරිස් ඡන්දය ලබා දුනහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුව පරදවන බවට රිෂාඩ් තර්ජනය කර තිබේ. මෙහිදී අගමැති රනිල් ඇමති රිෂාඩ් අස්වසමින් ඔහුට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට ඉඩ නොදෙන බව පවසා ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස