විශ්වාසභංගේ එක පන්දුවක් විතරයි…! ගුග්ලි බවුන්සර් ඉස්සරහට….! – නලීින් බණ්ඩාර…

July 21, 2021 at 6:36 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මගින් ආණ්ඩුවේ කාඩ්බෝඩ් වීරයින්ගේ හෙළුව පෙන්නු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

එම විශ්වාසභංගය විපක්ෂය ආණ්ඩුවට දැමූ එක පන්දුවක් පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ගග්ලි, බවුන්සර් ඇතුළු පන්දු පහක් ඉදිරියේ දී යොමු කිරීමට ඇතැයි ද නලීන් බණ්ඩාර සඳහන් කළේ ය.

සාගර කාරියවසම් ඇඳුම් නැතිව එන බවත් ඔහුගේ නිරුවත නොපෙන්වන ලෙසත් ඔහු මාධ්‍ය වෙතින් ඉල්ලා සිටියේ ය.

ඊයේ (20) විශ්වාසභංගය ආණ්ඩුව වැඩි ඡන්ද 91ක් සහිතව 2/3 බහුතරයෙන් ජය ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *