විශ්වාසභංගෙ දිනුවත් රිෂාඩ් ඉවත් කරන්න බෑ! රිෂාඩ් ඉවත් කළ හැක්කේ ඉල්ලා අස්වුණොත් පමණයි! – රිෂාඩ්ගේ ගෝළයෝ කියති… (video)

May 31, 2019 at 7:56 am | by admin

විශ්වාසභංගයෙන් පරාජයට පත්වුවද ඇමැති රිෂාඞ් බදියුදීන් ඉවත් කිරීමට නොහැකි බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ බස්නාහිර හිටපු පළාත් සභා මන්ත‍්‍රී කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඞ් ෆායිස් මහතා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පැවසූහ. මෙම පක්ෂයේ නායකයා ඇමති රිෂාඩ් බදියුදීන්ය.

ඇමැතිවරයා සිය ඉල්ලා අස්වීම ලිඛිතව භාර දුනහොත් පමණක් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් එම පක්‍ෂය වෙනුවෙන් මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

එම පක්‍ෂය නියෝජනය කරනු ලබන වරාය නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරූෆ් මහතා ඇතුළු පළාත් මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස