විශ්වාසභංගෙට සහාය නොදෙන මන්ත්‍රීලගේ ගෙවල්වලට පහර දිය යුතුයි…! – සජබ…

May 2, 2022 at 8:12 pm | by emanisa.lk

එළඹෙන සතියේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන එන බව මනූෂ නානායක්කාර පවසයි.

ඒ සඳහා සහාය නොදෙන අයගේ ගෙවල් දොරවල් පිළිබඳ ගමේ ජනතාව බලාගත යුතු බවයි, සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

රාජපක්ෂලාගේ ඒකාධිපති දේශපාලනය නොමැති පක්ෂවල මත ගැටුම් ඇති වීම සුලබ බවත් හරීන් ප්‍රනානදු සහ සරත් ෆොන්සේකා අතර ඇති වූයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවල දැකිය හැකි සාමාන්‍ය දෙයක් බවත් මනූෂ නානයක්කාර සඳහන් කළේ ය.

පසුගිය මැයි 01 වෙනිදා ආරම්භ කළ සටන අවසන් කරන්නේ රාජපක්ෂ රෙජිමය ගෙදර යවා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *