විශ්වාසභංගයේදී රිෂාඩ්ට පක්ෂව ඡන්දය දෙන අය ගැන රටම විමසිල්ලෙන්! – මහින්ද රාජපක්ෂ

May 24, 2019 at 5:44 pm | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සහයක් ආණ්ඩුව ගෙන යන බවත් ඇමතිවරයාට පක්ෂව ජන්දය දෙන්නේ කවුදැයි දැන ගැනීමට රටම විමසිල්ලෙන් බලා සිටින බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (24) බත්තරමුල්ලේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේය.

පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඇති ජනහඬට සවන්දී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සිදුකළ යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස