විශ්වාසභංගයෙන් විපක්ෂයේ විශ්වාසය භංග වුණා…! ආණ්ඩුව ශක්තිමත් වුණා…! – ඩිලාන්…

July 21, 2021 at 9:51 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය නිසා, විශ්වාසයභංග වූයේ විපක්ෂයේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ආණ්ඩුවේ කොටස් අතර බෙදීම් ඇති කිරීමට, ආණ්ඩුව අස්ථාවර කිරීමට ගෙන ආ විශ්වාසභංගය ආණ්ඩුව තවත් ශක්තිමත් කරන අතර විපක්ෂයට පාරා වළල්ලක් වූ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සමගි බලවේගයේ පසුගිය සමයේ සියලු ක්‍රියාකාරකම්වල දී පෙරමුණ ගෙන මෑන් ඔෆ් ද මැච් වූ හරීන් ප්‍රනාන්දු විශ්වාසභංගයට ඡන්දය දීමට හෝ නොපැමිණි බවත් කුමාර වෙල්ගම වැනි අය ද විශ්වාසභංගයට සහාය ලබා නොදුන් බවත් ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *