විශ්වාසභංගයට එරෙහි වූ මනෝට දෙමළ භාෂා පාසල් තුනක් පුදයි!

July 13, 2019 at 9:37 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එරෙහි වූ දෙමළ පක්ෂ වෙත ආණ්ඩුව ගිවිස ගත් පරිදි සියලු ඉල්ලීම් ලබා දීමට ලහිලහියේ කටයුතු කරන බව වාර්තා වෙයි.

ඒ අනුව කල්මුණේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ගිණුම විශ්වාසභංගය දිනම (11) ලංකා බැංකුවේ ආරම්භ කර ඇති අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරියකු ගණකාධිකාරී ලෙසත් පත් කර තිබේ.

මේ අතර ඇමති මනෝ ගනේෂන්ට වත්තල, කළුතර සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල දෙමළ පාසල් තුනක් පිහිටුවීමට අවසර ලබා දී ඇත. එය ද නුදුරේදීම ඉදිවනු ඇත.

ජාති වර්ග ආගම් අනුව පාසල් ක්‍රියාත්මක නොකළ යුතුය යනුවෙන් සමාජ සංවාදයක් පවතින පසුබිමක මෙය සිදුවීම ද විශේෂත්වයකි.

විශ්වාසභංගය ආණ්ඩුව ජය ගැනීමෙන් පසු ඇමති ගනේෂන් ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලය ද එයම වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස