විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන 88%ක් ශිෂ්‍යත්ව විභාගය අසමත්!

February 20, 2019 at 8:26 pm | by admin

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.

ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලු දෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය දත්ත වාර්තා අනුව පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ 12-13%ත් අතර සිසුන් ප්‍රමාණයක් පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය. මේ අනුව වාර්ෂිකව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන්ගෙන් 87-88%ක් ශිෂ්‍යත්ව විභාගය සමත් වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස