විවෘත බව කී රාජ්‍ය ඔසුසල් වහලා! බෙහෙත් ගන්න පැමිණි ජනතාව දැඩි රස්තියාදුවක!

March 28, 2020 at 3:34 pm | by emanisa.lk

රාජ්‍ය ඔසුසල අද (28) විවෘතව තබන බව ඊයේ නිවේදනය කළ නමුත් අද කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්වී තිබිණි.

ටවුන් හෝල් ප්‍රධාන ශාඛාව, නුගේගොඩ මහරගම ඇතුළු ශාඛා සියල්ලම පාහේ වසා තිබු අතර එහි දොරවල්වල දැන්වීම අලවමින් දන්වා තිබුණේ එහි සඳහන් දුරකතන අංකයට වට්ස්ඇප් මගින් බෙහෙත් වට්ටෝරු එවන ලෙසය. එම වට්ටෝරුවල ඖෂධ නිවෙස්වලට යවන බවද සඳහන් විය.

මේ තත්ත්වය යටතේ ඔසුසලට පැමිනි විශාල පිරිසකට ආපසු හැරීයාමට සිදුවූ අතර ⁣ජාතික රෝහලෙන් ඉල්ලා තිබු ඖෂධ ලබාගැනීමට පැමිණි පිරිස් ද ඒ අතර වූහ.

රජයේ ඔසුසල් විවෘතව තබන බව නිවේදනය කළ නිසා පැමිණි බවත් නිසි සන්නිවේදනයක් නොමැති වීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස