විවෘත කර සතියක් නෑ! පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වරායක් බවට පෙරළෙයි! (video/Photos)

October 21, 2019 at 11:01 am | by emanisa.lk

දින කිහිපයකට පෙර විවෘත කළ පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ දිනවල ඇද හැළෙන වර්ෂාවත් සමග එකම මඩ වගුරක් බවට පත්ව තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී උතුරේ ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ගුවන්තොටුපළේ මූලික ඉදිකිරීම් පවා අවසන් නොකර එය විවෘත කළ බවට ද චෝදනා නැඟෙයි.

මෙහි ඉදිකිරීම් තවමත් අවසන් කර නොමැති අතර ඉදිකර ඇති ගොඩනැඟිලි පවා නවීන ගුවන්තොටුපළට නොගැළපෙන ඉතාම ප්‍රාථමික මට්ටමක පවතී.

පසුගිය රජය ඉතාම නවීන පහසුකම් සහිතව ඉදිකළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට සාපේක්ෂව ඉතාම ප්‍රාථමික මට්ටමක ඇති පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාජමාධ්‍යවල දැඩි විවේචනයට සහ උපහාසයට මාතෘකාවක් වී තිබේ.

මෙම ගුවන්තොටුපළ නිසා ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව විවිධ පාර්ශව විසින් පෙන්වා දී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස