විවාහක රූ රැජින අවසන් තරඟය නොසන්සුන්…! රූ රැජිනගෙන් කිරුළ උදුරා වෙනත් තරඟකාරියකට පළඳවයි…!

April 5, 2021 at 12:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වාට එම කිරුළ විනාඩි කිහිපයක් තුළ අහිමිවීම නිසා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිනක් ද වන රෝසි සේනානායක සහ සහ චන්දිමාල් ජයසිංහ විසිනි.

කිරුළ පැළඳ වූ පිරිස වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් බවත් ඇය විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.

එසේ ප්‍රකාශ කළ කැරොලින් ජූරි ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරඟකාරිය ප්‍රකාශයට පත් කළාය. අනතුරුව ඇය පුෂ්පිකා ද සිල්වා අසලට ගොස් ඇය පැළඳ සිට කිරුළ ගලවා නව ජයග්‍රාහිකාවගේ හිසෙහි පැළඳ වූ අතර පුෂ්පිකා ද සිල්වා නිහඬව වේදිකාවෙන් ඉවත් වූවාය.

නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජින තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය මේ වන විට එක්දරු මවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *