විල්පත්තු ප්‍රශ්නය පිටුපස ඉන්නේ ආණ්ඩුව! – රිෂාඩ් බදූර්දීන්

March 23, 2019 at 10:40 am | by admin

ඊයේ පෙරේදා සිට විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් මඩ ප්‍රචාර ගෙන යන්නේ විපක්ෂය නොවන බව ද මේ පිටුපස ඉන්නේ කවුද යන්න ජනතාව දන්නා බව ද අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවසයි. 2013 වසරේ සිය මුල් ගම්බිම්වල ජනතාව පදිංචි කළේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පත් කළ කමිටු නිර්දේශ අනුව ප්‍රාදේශීය ලේකම් විසින් බව ද ඔහු හෙළි කළේය.

මෙම ප්‍රශ්න නැවත ඉස්මතු වූ ආකාරයෙන් ඒ පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුව මෙම කුමන්ත්‍රණය පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂට සුළු වාර්ගික ඡන්ද නොමැති බවට මතවාද නිර්මාණය කරමින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි. මේ වන විට ජාති භේදයකින් තොරව එජාපය ජනතාවට එපා වී ඇතැයි ද ඔහු පවසයි.

කෙසේ වුවද 2013 සමයේ පරිසර ඇමති ධුරය හෙබ වූ අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ එකල ජනතාව අදාළ ගම්බිම්වල පමණක් පදිංචි  කිරීමට අවසර ලබා දුන් බවත් මේ වන විට රක්ෂිත ප්‍රදේශ ආක්‍රමණය කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස