විල්පත්තුව කැපුවේ බදුර්දීන් නෙමේ රාජපක්ෂලා! බදූර්දීන්ට චෝදනා කිරීම වැරදියි! – ඇමති ජෝන් සහ කිරිඇල්ල හෙළි කරයි..

March 23, 2019 at 8:02 am | by admin

තමා වනජීවී අමාත්‍යාංශය බාරගත් පසු රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට බිම් අගලක්වත් ලබා දි නැති බව වනජීවී ඇමති ජෝන් අමරතුංග පවසයි.

විල්පත්තු රක්ෂිතයේ එළිකිරීම් සිදුවූයේ පසුගිය ආණ්ඩු සමයේ බවත් එනිසා බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම වැරදි බවත් හෙතෙම කියා සිටී.

විල්පත්තු රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්තවය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ මෙම ඉඩම් නිදහස් කර ඇත්තේ 2012 දී බවත් එය වැරදි යැයි තමන් නොකියනා බවත්, බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම සුදුසු නොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස