විරෝධතා උග්‍ර වුණොත් රටට එන්නේ හමුදා පාලනයක්….! එවැනි භයානක ඉරණමකට රට තල්ලු කරන්න එපා…! – විග්නේශ්වරන්…

May 6, 2022 at 10:21 am | by emanisa.lk

ජනතාව ගෙන යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ උග්‍ර වුවහොත් ඉක්මනින් මේ රටේ හමුදා පාලනයක් ගොඩනැඟෙනු ඇති බවත් එවැනි බැරෑරුම් තත්ත්වයකට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේශ්වරන් පවසයි.

උතුරු නැගෙනහිර ජනතාව හමුදා පාලනයක භයානක බව දන්නා නමුත් දකුණේ ජනතාවට ඒ පිළිබඳ අත්දැකීමක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වැඩි වන විට පාලකයින් ඒ ඒ ප්‍ර දේශ හමුදාවට භාරදෙනු ඇති බවට අනතුරු අඟවන විග්නේශ්වරන් එම පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු ඉඩක් නැති දුර්දාන්ත පාලනයක් බව පෙන්වා දෙයි.

උද්ඝෝෂණ විරෝධතා ඔස්සේ එවැනි භයානක මර්දනකාරී හමුදා පාලනයකට පාර නොකැපිය යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ ආණ්ඩුව ඉවත් කළ යුතු බවත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *