විරෝධතාවට තව මන්ත්‍රීවරු එකතු කරගන්න..! – ආණ්ඩු විරෝධී මන්ත්‍රී හමුවට ගිය අගමැතිගෙන් වික්ෂයටහිව උපදෙස්…

December 6, 2021 at 6:01 pm | by emanisa.lk

ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (06) පෙරවරුවේ ඔවුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.

විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය.

ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන් වලට එක්වූ මන්ත්‍රීවරුන් දෙස බැලූ අග්‍රාමාත්‍යතුමා අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ඔවුන් සමඟ සිහිපත් කරමින් එතැනින් නික්ම ගියේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යතුමා සමඟ සුහඳ කතාබහක නිරත වූහ.

අගමැති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස