වියත්මග ලේබල් ගසාගත් වියත් හොරු වැහිවහී! ගෝඨාගේ නම විකුණං පාර්ලිමේන්තු රිංගන්න පොරයක්!

March 6, 2020 at 4:13 pm | by emanisa.lk

වියත්මග සංවිධානයේ නාමය භාවිත කරමින් ජනතාව මූලා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව වියත්මග සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

තම සංවිධානයේ දැනුම්වත් වීමකින් තොරව ඇතැමුන් සම්මන්ත්‍රණ සහ රැස්වීම් පවා සිදුකරන බවත් එවන් කටයුතුවලට තම සංවිධානයේ කිසිදු වගකීමක් නැති බවත් එම සංවිධානය දැනුම් දෙයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වියත්මග සංවිධානය පවසන්නේ තම සංවිධානයේ දැනුම්වත්භාවයකින් තොරව පවත්වන සියලු රැස්වීම් සහ ක්‍රියාවන් ව්‍යාජ ඒවා බවයි.

වියතමග පේස්බුක් පිටුවේ එම නිවේදනය මෙසේ සටහන් කර ඇත.

“පසුගිය කාලය තුලදී අපවෙත ලැබුණු තොරතුරු අනුව “වියත්මග” නාමය භාවිත කරමින් නොයෙකුත් බාහිර පාර්ශවයන් සම්මන්ත්‍රණ පවත්වා ඇති බවට සනාථවී ඇති අතර “වියත්මග” ප්‍රධාන කමිටුවේ අනුදැනුමකින් තොරව හෝ “වියත්මග” නිල මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන සියලුම සම්මන්ත්‍රණ/රැසිවීම් ඇතුළු සියලුම ක්‍රියා ව්‍යාජ සහ නිල නොලත් ඒවා වේ.

තවද නොයෙකුත් පාර්ශ්වයන් තමන් “වියත්මග” ක්‍රියාකාරී සමාජිකයන් ලෙස හඳුන්වාදෙමින් ජනතාව මූලාකරමින් දේශපාලන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවට ද තොරතුරු ලැබී ඇත.

මේ අනුව “වියත්මග” නිල මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන ප්‍රචාරක ක්‍රියා, සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ/රැසිවීම් සහ එම අවස්ථාවල සිදුකරන ප්‍රකාශ පිළිබඳව “වියත්මග” සංවිධානය වගකියනු නොලැබේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස