වියත්මගේ ආර්ථික විශේෂඥයා ආර්ථිකේ හදන්න බැසිල් ඕන යැයි කීම රටේ ලොකු ම විහිළුවයි…! – නලින්ද…

June 29, 2021 at 7:31 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂට ආර්ථික කටයුතු ඇමැති ධූරය ලබා දිය යුතු යැයි සඳහන් කරන කවුරුන් හෝ නොකියා කියනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මුදල් අමාත්‍ය ධූරය දරන අගමැති මහින්ද රාජපක්ෂට රටේ ආර්ථිකය සෑදීමට නොහැකි බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස පවසයි.

එලෙස සඳහන් කරන පුද්ගලයන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් මේ වන විට දඩයම් කරමින් සිටින බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණ පක්ෂයක් ගොඩ නගා ආණ්ඩු බලයක් ලබා ගැනීම මුදල් අමාත්‍ය ධූරයක් දැරීමට තරම් සුදුසුකමක් නොවන බවත් සඳහන් කළ නලින්ද ජයතිස්ස එය පුහු තර්කයක් බවත් කීවේය.

රටේ ආර්ථිකය ගොඩනැගීමට වියතුන් අවශ්‍ය බව කියමින් වියත් මගින් පාර්ලිමේන්තුවට පැමිණි ආර්ථික කටයුතු පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය රංජිත් බණ්ඩාර ආර්ථිකය ගොඩ නැගීමට බැසිල් රාජපක්ෂ අවශ්‍ය යැයි කීම රටේ ලොකු ම විහිළුව බව පැවසූ නලින්ද ජයතිස්ස, රටේ ජනතාව වියත් මග තුළින් බලාපොරොත්තු වූයේ එය දැයි ප‍්‍රශ්න කළේය.

රටේ ප‍්‍රශ්න විසඳීමට මාස තුනෙන් තුනට එක එක දේවල් අවශ්‍ය යැයි නොකියා එකවර සියලු අවශ්‍ය දේ ගෙන හැකි නම් රටේ ආර්ථිකය නගා සිටුවා පෙන්වන ලෙස ආණ්ඩුවට දන්වා සිටින බවත් හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *