වියත්මගේ අපේක්ෂකයාගේ වරලත් ගණකාධිකාරී අං තට්ටුව බොරුවක්!

August 1, 2020 at 11:26 am | by emanisa.lk

වියත්මග සංවිධානයේ අපේක්ෂකයකු ලෙස මෙවර මහා මැතිවරණය සඳහා තරඟ කරන එක්තරා අපේක්ෂකයෙක් තමන් වරලත් ගණකාධිකාරීවරයෙකු බවට ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ජනතාවට රැවටීමට උත්සාහ කරන බව වාර්තා වෙයි.

මොහු ව්‍යාපාරිකයකු මිස ඔහු සඳහන් කරන ආකාරයේ ගණකාධිකාරී සුදුසුකම් ලද අයකු නොවන බව පැවසෙන අතර වියත්මග දේශපාලන සන්නාමයක් ලෙස භාවිත නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි සාමාජිකයන්ට දැනුම් දී ඇති පසුබිමක එය නොතකා කටයුතු කරමින් ඇත.

ජනතාව ඉදිරියට පැමිණ මෙලෙස බොරු කියන තමන්ට නොමැති සුදුසුකම් ඇතැයි කියන ජනාධිපතිගේ නියමයන් පවා නොතකන කණ්ඩායම් බලය ලැබුණහොත් කෙසේ ක්‍රියාකරනු ඇත්දැයි තතු දත්තෝ ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස