විමල් වාසු උදය රට නොහදා ගැලරි පිනවන්න ඕන නම් ආණ්ඩුවෙන් යනු…! ආණ්ඩුවෙන් කකා අනාගත ජනපති අගමැති හීනවලට යන්න දෙන්නේ නෑ…! – ඇමැති ගාමිණී ලොකුගේ…

October 31, 2021 at 9:18 pm | by emanisa.lk

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ජීවිත කාලය පුරා කළේ දේශපාලන ගැලරිය පිනවීම බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

මේ අවස්ථාවේ ඔවුන් ගැලරියට සෙල්ලම් කිරීම නොව කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කිරීම බව හෙතෙම අවධාරණය කරයි.

මහජන සභාව කැඳවා මොවුන් සිදුකළ ප්‍රකාශ පිළිබඳ කනගාටු වන බවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් ගාමිණි ලොකුගේ සඳහන් කරයි. මෙම ඇමැතිවරු තිදෙනා ම බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගැටලුවක් නැතැයි ද ගෑස් ඒකාධිකාරය ඇමරිකාවට නතු වීම පිළිබඳ ගැටලුවක් ඇතැයි ද ඊට පෙරදා රාත්‍රී කැබිනට් හමුවේ දී ප්‍රකාශ කළ ද හෙතෙම අනාවරණය කරයි.

අනාගත ජනාධිපති අගමැති සිහින වෙනුවෙන් කටයුතු කරන අය ඇමැති ධූර අතහැර ඒ සඳහා කටයුතු කළ යුත් බවත් මොවුන්ගේ හැසිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂයට යෝජනා කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ආණ්ඩුවෙන් කකා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත් ඇමැති ලොකුගේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *