විමල් උදය ඇමැතිකම් අතහැරියේ නාමල්ගේ අනාගතය වෙනුවෙන්…!

March 22, 2022 at 9:01 am | by emanisa.lk

බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළ කැලණිය විහාරයේ නයෙක් පෙන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට ඡන්දය ගත් කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමි ජාතියෙන් සමාවගත යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

හිරුණිකා වැඩි දුරටත් පෙන්වා දුන්නේ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැතිකම් අතහැර එළියට ගොස් බැසිල් රාජපක්ෂ විවේචනය කරන්නේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම ඇතිව නාමල් රාජපක්ෂ ජනාධිපති කරීමට බවයි.

ඉදිරියේ දී විශ්වාසභංගයක් ගෙනැවිත් බැසිල් රාජපක්ෂ ඇමැති ධූරයෙන් පහ කර ගෝඨාභය රාජපක්ෂ හුදෙකලා කිරීමටත් ඔහු පීඩනය දරාගත නොහැකිව ජනාධිපති ධූරය අතහැර ඇමරිකාවට ගිය පසු ඉදිරි අවුරුදු තුනේ නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමටත් මෙම කණ්ඩායම සැලසුම් කර ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අනාවරණය කරයි.

වර්තමාන ආණ්ඩුවේ පරිහානිය නිසා නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලන ගමන කෙරෙහි අහිතකර ලෙස බලපෑම, ශිරන්ති රාජපක්ෂගේ කේන්තියට හේතු වී ඇති බවත් එම කන්දොස්කිරියාවෙන් ගැළවීමට මහින්ද රාජපක්ෂ මෙම සැලසුම දියත් කර ඇති බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *