විමල් ඉල්මනයිට් නිධියට බැල්ම දාන්නේ කුට්ටියක් කඩා ගන්න ද? – මහින්ද පතිරණ…

March 28, 2021 at 9:30 pm | by emanisa.lk

ඇමති විමල් වීරවංශ කිරින්දේ ඉල්මනයිට් නිධිය සම්බන්ධයෙන් උනන්දු වන්නේ ලොකු කුට්ටියක් කඩා ගැනීමට දැයි සොයා බැලිය යුතු බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ පවසයි.

තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනකින් සභාපතිවරයා පවසන්නේ ඇමතිවරයාගේ ඊයේ ක‍්‍රියාවෙන් තම නූගත් පාක්‍ෂිකයා චූන් කළ හැකි බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

“කිරින්ද වැලි නිධිය මේ වන තෙක් කිසිදු සමාගමකට මෙහෙයුම් සඳහා ලබා දී නැත. ඒ පිළිබඳ විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් තිබෙන අතර විවිධ අය විවිධ යෝජනා ගැන කතා කරමින් ඇත. විමල් වීරවංශ ඇමතිවරයා එම ස්ථානයට යන්නේ ඒ අතර ය. ඔහු කල්පනා කළේ තම ව්‍යාජ දේශප්‍රේමි සළුව ඇඳ ගැනීමට මෙය නියම අවස්ථාවක් බවයි.

ඒ හරහා තම නූගත් පාක්ෂිකයා චූන් කළ හැකිය. එහෙත් සත්‍ය තත්ත්වය ඔහුගේ චූන්වාදයට බොහෝ දුරින් බව නම් කිව යුතුව ති⁣බේ.

වැලි නිධිය, අදාළ ප්‍රදේශයේ ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙන ලෙස කැනීම් කටයුතු සිදුකර මෙම වැලි අගය එකතු කිරීමක් සහිතව අපනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. එසේ තිබිය දී එම ප්‍රදේශයට ගොස් තම බාල දේශපාලන බංකොළොත්බව බව පෙන්වීමට ඇමතිවරයා කටයුතු කිරීම නම් සැබැවින්ම කණගාටුදායක වේ.

මේ මොහොතේ ලංකාවේ ටයිල් කර්මාන්තය නැගෙමින් තිබිය දී පිටරටින් ටයිල් ගෙන්වීම හරහා එම දේශීය කර්මාන්තය බිම දැමීමට කටයුතු කරන විට නොතිබු දේශප්‍රේමය කිසිදු තීරණයක් තාමත් නැති වැලි නිධිය සම්බන්ධයෙන් මතු වෙන්නේ ඒ හරහා ලොකු කුට්ටියක් ගැනීමට අවශ්‍ය නිසා දැයි සොයා බැලිය යුතුය. මේ අතර තවත් සොයා බැලිය යුතු කරුණක් වන්නේ පුල්මුඩේ ඛණිජ වැලි ඩොලර් 180කට පමණ විකිණිමට රජය විසින් යෝජනා කර තිබිය දී ඒවා ඒවා ඩොලර් 140කට දෙන්නේ කුමන හේතුව නිසා ද යන්නයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *