ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
වර්තමාන ආණ්ඩුව විනාශ කිරීමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව ද ඇතැම් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරුන්ගේ පමණක් නොව ජනාධිපතිවරයාගේ ද අණ නොතකමින් ආණ්ඩුවේ ක්‍රියාදාමය අඩපණ කරමින් රට බංකොලොත් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක නිරත වන බවට ද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.
මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් තමා පුද්ගලිකව විරුද්ධ නමුත් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට අවාසි සහගත බවත් ඔහු සඳහන් කලේය.
බිම් මට්ටමේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් ඉදිරියේ දී ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ජනතාව ගල් ගසනු ඇති බව ද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.