දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි
ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු හවුල් පක්ෂ නවයේ මූලිකත්වයෙන් මෙම සන්ධානය ගොඩ නැඟීමට නියමිතය.
නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විටත් සකස් කර අවසන් අතර එම සන්ධානය සඳහා නම් කිහිපයක්ම යෝජනා වී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති නමුත් නිලධාරි මණ්ඩලය පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි ඔහු කීවේය