විමල්ගේ විරෝධය මැද පැවති මහින්ද ජවිපෙ සමග සාකච්ඡාව සාර්ථකයි! – අනුර (video)

March 7, 2019 at 7:43 am | by admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග පැවැත් වූ සාකච්ඡාව මූලික පදනමක් ලෙස ගත් විට යම් සාර්ථකත්වයක් ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

එහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුව ද එය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමග බැඳී පවතින නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කළ යුත්තේ 13 වන සංශෝධනය සහ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සමග බවය.

සාකච්ඡා සඳහා සහභාගී වූ ඩලස් අලහප්පෙරුම පවසන්නේ මෙම කරුණු අරබයා විමල් වීරවංශ සහ පොදුජන පෙරමුණ අතර මතවාදීමය වශයෙන් කිසිදු බෙදීමක් නොමැති බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස