විමල්ගේ ලේකම්කම එපා වූ පැල්පිට ගෙදර නොයයි…! මහින්දගේ සංස්ථා සභාපති පුටුවක නතර වෙයි…!

June 20, 2021 at 8:41 pm | by emanisa.lk

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන හෙතෙම රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *