විමල්ගේ දකුණු අත මොහොමඩ් මුසාම්මිල් රනිල්ට…!

August 6, 2024 at 5:42 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව අද (06) කොළඹ දී රැස්ව තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කරන ආකාරය එහි දී සාකච්ඡා කොට ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මැති ඇමැති පිරිසක් එක්විය.

මෙම අවස්ථාවට විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ද එකතු වී සිටීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *