විමල්ගෙන් පොස්පේට් ගැලෙව්ව වගේ චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න…! – ආණ්ඩුවට විරෝධය පා වාසු මාධ්‍ය හමුවක….

June 21, 2021 at 7:44 am | by emanisa.lk

වත්මන් ආණ්ඩු බලය හොබවන සන්ධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇති කර තිබෙන තත්ත්වයන් යුක්ති සහගත නැති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වයේ සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබිය දී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයි ද ඇමතිවරයා චෝදනා කරයි.

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවටත් එනිසා දැනට චමල් රාජපක්ෂ යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවටත් ඔහු තර්ක කරයි.

සිය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මෙම අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස