විමලවීර අම්පාර දිස්ත්‍රික් පොහොට්ටු නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙයි!

April 13, 2019 at 9:18 pm | by admin

පොතුවිල් ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද විරෝධතාවක් පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක විමලවීර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේ දිස්ත්‍රික් නායකයා වන තමාට ද නොදන්වා පක්ෂය විසින් පොතුවිල් ආසනයට සංවිධායකවරයකු පත්කර ඇති බවත් මේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පක්ෂ නායකත්වය ප්‍රකාශයක් නොකළහොත් තමා දිස්‍ත්‍රික් නායක තනතුරින් ඉල්ලා අස්වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස