විපක්ෂ මන්ත්‍රීගේ අයවැය කතාවට ජනපති හිතයයි! පෞද්ගලිකව අමතා සුබ පතයි!

November 20, 2020 at 12:24 pm | by emanisa.lk

ඊයේ 19 පැවති අය-වැය විවාදයේ දී මගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිදුකළ කතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රශංසාව පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තිස්ස අත්තනායක සභාව අමතන අවස්ථාවේ සභා ගැබේ සිටි ජනාධිපතිවරයා ඊට සාවධානව ඇහුම්කන් දුන් අතර එම කතාවෙන් පසු දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තිස්ස අත්තනායක දුරකථනයයෙන් අමතා සිය ප්‍රසාදය පළකර තිබේ

තිස්ස අත්තනායකගේ අයවැය කතාව ඵලදායි මෙන් ම ද්වේෂසහගත නොවන කතාවක් බව සඳහන්කර තිබෙන ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන් ඇතැම් කරුණු පිළිබඳ තමාගේ අවධානය ද යොමු වූ බව ප්‍රකාශ කොට තිබෙන බවද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස