විපක්ෂ නායක හැසිරීම වගකීම් විරහිතයි….! කොවිඩ් ආශ්‍රිතයකු වූ පසුත් ජනහමුවල….! ජනපති අගමැති පැමිණි රණවිරු සැමරුමටත් යුවළ ඇවිත්….!

May 24, 2021 at 10:02 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ භාර්යාව ජලනි ප්‍රේමදාස පසුගිය සමයේ සියලු සෞඛ්‍ය නීති සහ නිරෝධායන නීති නොතකමින් වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇතැයි අනාවරණය වෙමින් තිබේ.

ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලූන් (Jaal salon) ආයතන කාර්ය මණ්ලයෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමු වී ඇත්තේ මැයි 16 වෙනිදා ය.

එහෙත් ජලනි හෝ සජිත් ඊට පසු නිරෝධායනය සඳහා යොමු වී නොමැති අතර පසුගිය 22 වන දා වන තුරු ම සාමාන්‍ය ලෙස සමාජයේ හැසිරී තිබේ.

එපමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල රණවිරු ස්මාරකය අභියස දී මැයි 19 වන දා පස්වරුවේ පැවැති රණවිරු සැමරුමට ද සජිත්-ජලනි යුවළ සහභාගී වී තිබේ.

මෙම වගකීම් විරහිත හැසිරීම නිරෝධායන සහ වසංගත රෝග වැළැක්වීමේ ආඥා පනතේ 262-264 වඟන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *