විපක්ෂ නායක සජිත්ට ජලනිට දැන් සුවයි…! සියල්ලට පෙර ගංගාරාමයට ගොස් ආශීර්වාද ලබති….!

June 11, 2021 at 1:03 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජලනි ප්‍රේමදාස කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායකවරයා සහ බිරිඳ සුවපත් වීමෙන් පසුව මෙලෙස තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශීර්වාද පතා සෙත් පිරිත් සඣ්ජායනාවක් පවත්වනු ලැබූහ.

විපක්ෂ නායකතුමන් හට නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේවායි මහා සංඝරත්නය ආශිර්වාද කරනු ලැබූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *