විපක්ෂ නායකගෙන් වටිනා ආදර්ශයක්….! එක්ප්‍රස් පර්ල් අවුල ලිහන්න ආණ්ඩුවට සහාය….!

July 13, 2021 at 8:14 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය සඳහා වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙළට අදාළ සාකච්ඡාවක් ඊයේ (12) දින පෙරවරු 11 ට අධිකරණ අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ඇමැතිවරුන් වන අලි සබ්රි, නාලක ගොඩහේවා, කංචන විජේසේකර මෙන්ම ප්‍රථම වතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්වීම විශේෂත්වයකි.

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ සිදුවූ කතාබහක දී ඒ සඳහා සම්බන්ධ වන ලෙස ඇමැති රෝහිත අබේගුණවර්ධන කළ ආරාධනයක් අනුව විපක්ෂ නායකවරයා ඒ අවස්ථාවේ ම ඊට එකඟ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *