විපක්ෂය පහර ගසන්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවටයි….! – ජනපති…

March 27, 2021 at 10:11 am | by emanisa.lk

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ද ජනාධිපතිවරයා පවසයි.

ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා, රජයේ සැලසුම් නිසිලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දියයුතු බව ද අවධාරණය කරයි.

ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බව පවසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති බිඳ වැටුණහොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස