විපක්ෂය ඉල්ලන පරම සතුට ලබාදෙන්න මැතිවරණ කොමිසම සූදානම්! මැතිවරණය අගෝස්තු අගට හෝ සැප්තැම්බර් මුලට අදී…

June 10, 2020 at 11:18 am | by emanisa.lk

විපක්ෂයේ මේ වන විට බලාපොරොත්තු වන පරම සතුට වන මැතිවරණය හැකිතාක් කල්දමා ගැනීම කෙසේ හෝ ලබා දීම මැතිවරණ කොමිසන් සභාවේ කොන්ත්‍රාත්තුව වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

මහින්ද දේශප්‍රිය සහ රත්නජීවන් හූල් යනු එකම නාට්‍යයක තිර පිටපත් දෙකක් අනුව රඟ දක්වන පුද්ගලයන් දෙදෙනකු යැයිද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ දෙකඩ වී ජනතා විමුක්ති පෙරමුණ තම තුන්වන ස්ථානයද අහිමි වෙමින් ඇති භයානක තත්ත්වයක පවත්වන මැතිවරණය මාසයක් දෙකක් හෝ කල්දමා ගැනීමට හැකි නම් එය පරම සතුටක් බවත් එය එම සතුට ලබා දීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු කරමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල දක්වා කෙසේ හෝ තල්ලු කර ගැනීමේ උවමනාවක මැතිවරණ කොමිසම සිටින බව පැහැදිලිව පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී ඊයේ (9) මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස