විපක්ෂයේ 13ක් ආණ්ඩුවට එකතු වෙන්න සාකච්ඡා! සමගි බලෙන් පළුවක් නාය යන ලකුණු! බදියුදීන්ට හකීම්ට ආණ්ඩුවේ දොර වැසේ!

September 4, 2020 at 9:35 am | by emanisa.lk

ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය අතරතුර විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක් වීමට සාකච්ඡා කරමින් ඇති බව වාර්තා වෙයි.

මෙලෙස සාකච්ඡා කරමින් ඇති පිරිස අතරේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 13 දෙනෙකු පමණ සිටින බව දැන ගන්නට තිබේ.

දැනට සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 54ක් හිමි අතර ඉන් 30 දෙනෙකු මුස්ලිම් නියෝජිතයන් වීම ද විශේෂත්වයකි.

නමුත් වත්මන් රජයේ දැඩි ස්ථාවර වී ඇත්තේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි අය ආණ්ඩුවට එකතු කර නොගෙන සිටීමය.

කෙසේ වෙතත් පලනි දිගම්බරන්, රාධාක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයට පැමිණීමට සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස