විපක්ෂයේ විරෝධතාව මැදට මාලිමාවුන් කඩා පනී… ගමේ අධිකරණයේ නඩු අසන අතර ගුටිබැට….!

February 2, 2025 at 6:58 pm | by emanisa.lk

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් කඹුරුපිටිය බස් නැවතුම අසල සිදුකළ සාමකාමි විරෝධතාවකට ආණ්ඩුවට සහයෝගය ලබා දෙන පිරිසක් විරෝධය පෑම නිසා උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

වී සඳහා සහතික මිලක් නියම නොකිරීම, පොරොන්දු ඉටු නොකිරීම ආදි චෝදනා නඟමින් විරෝධතාවෙහි නිරත පිරිසට එරෙහිව එහි පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩු පාක්ෂිකයන් චෝදනා කරනු දැකගත හැකිවිය.

“මේ ආණ්ඩුව අපේ යකෝ. තොපි පැරදුණා කියලා රතිඤ්ඤයක් පත්තු කළේ නැති, හූ කීවේ නැති, උඹලට අවලාද ගහපු නැති ආණ්ඩුවක් දැන් තියෙන්නේ. තොපිට තියෙන්නේ ඒ අඩුව ද? උඹලා එනවාද අපි ටෙස් කරලා බලන්න. උඹලා හොඳට එකක් මතක තියා ගනිං. අපිත් දන්නවා ඕන දෙයක් කරන්න. උඹලා කියනවා නෙ 88-89යි ගැන. අපි ඒවා අමතක කරපු එවුන් යකෝ. කඹුරුපිටියේ හැම මිනිහෙක් වෙනුවෙන්ම පෙනී ඉන්නවා. දැන් මරපල්ලා තොපිට පුළුවන් නම්. ” යනුවෙන් එහි දී ජාතික ජන බලවේග ආධාකරුවෙකු කෑ ගැසූ අතර එහි දී දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *